Wednesday, November 10, 2010

ඉහළම වෑයම් කරන්න......

අහස දුර වූ නමුදු
ලංවන්න බැරි නමුදු
සඳ අරන් එනූ සිතා
තනනු මැන ඉණිමඟක්
අහසෙ උස තෙක් යන්ට

තැනූ ඒ ඉණිමගේ
හැකි වෙරක් යොදාලා
නගිනු මැන හිණි පෙත්ත
වෙතම තම දිරි වඩා

සඳ නොගත්තද අතට
අසල වූ උස් ගසෙක
පළක් නෙළනට හැකිය
බිම ඉඳිද්දී තිබූ
ඔබේ හිස් අත් වලට

Tuesday, November 9, 2010

ගෑණුන්ගෙ මොළේ කිව්වලු!!!

ෆේස්බුක් කවි සාජ්ජෙ නැගලම යන කාලෙ, මෙහෙමත් දේවල් වුණා.....පතල් කවි, පරු කවි, සෙනෙහෙ කොල වල කවි...එකී මෙකී සියළුම කවි පරද්දන්න ආවයි ෆේස්බුක් කවි යුගයකුත්!!!! ඔන්න ඉතින්, කවි මඩුවක රසවත් අවස්තාවක්!!!


Kolla:-
ලැජ්ජා බය කියන එක ති‍බුනොත් හොදයි නගේ
අදිනා ඇදුම හරියට ඇද ගනින් නගේ
දනටත් උඩින් අඩි ගානක් පෙනෙයි නගේ
ලග ඉන්නා බලු කුක්කටත් හිරි කිතයි වගේ

Kella:-
අයියේ මේ පින්තූරේ මගෙ රූපයක් නෝවේ
මා හට මීට වැඩි සංවර කමක් තියේ
මේ සුද්දියකි සිරසේ ඉඳියි හවස හයේ
දැම්මේ ඔහෙල පස්සෙන් එයි කියල බයේ

Abaran aatha :-
තම රෑපයක් නොවුණත් මෙ ලපටි කද
ආවෙ නැද්ද වන වන ඉග දෙපැත්තට
රෑපෙට හරියනම බලුකුක්කෙකුත් ගෙන
පෙන්නයි මෙකි අවලංකම අපට තව
...

Kella :-

මගේ පින්තූරෙ ගැන කීවට අවලාද
සුද්දි ගැන අබරං ආතා හිතුවා නේද?
ඇගෙ කොට ගව්ම දුටු කළ හොල්මං වීද!!
සුද්දිගේ බල්ලා වී ඉන්නට සිතුනා ද?!


වළ පය ගොඩ පයෙන් එහෙ මෙහෙ යන්න එපා
නොහොබින දේට සීයේ යොමු වෙන්න එපා
වෙසක් මාසෙ පව් පුරවා ගන්න එපා
නැත්තං ළඟදි දවසක යන්න වෙයි අපා

නාලනි නැන්දාව බෙලුහුල් ඔයේ නාවන්න ගෙනියන විට කියූ කවි

නාලනී නැන්දා කියන්නෙ කවදත් මුහුණු පොතේ ජනප්‍රිය වුණ කෙනෙක්.....ඉස්සර අපි තිබ්බ කවි මඩු වල රස ඔබටත් ගේන්න හිතුන නිසයි මෙහෙම් අපේ කවි විස්තරයක් දාන හිතුණෙ!!!!



නාලනී නැන්දා ගේ ෆේසිබුක් එකේ වූ ඉහත සඳහන් කවිය කියවූ කවියෙක් මෙසේ කී ය!

අමතක වුනේ ඇයි නුඹට
භාරදිලා නේද මට
කොන් පරන්ස් එකකට
වර්නන් ගියේ පිටරට

නාලනී නැන්දා ගේ පිළිතුර
භාරදුන් නමුත්
තොප හට
එක්ක යන්නේ
මන්ද ඒකිව
...

කවියා
නාලා නෑ ඒකි සතියක් මෙපිට
අරගෙන යන්නෙ ඒකයි බෙලි හුල් ඔයට

නාලනී නැන්දා
නොනා හිටියත් ඒකි සතියක් මෙපිට
මන්දැයි අරන් යන්නේ බෙලිහුල්ඔයට
නානු ඔනෙනමි ඒකිට ඇති පමණ
වර්නන් හදල දුන්නා කක්කුස්සියක් ගෙට.
..

මෙය කියවූ මට මෙසේ ලියවුණි!!
හොදලා ගන්න හැදුවොත් නාලනි නැන්දා
බෙලිහුල් ඔයේ වතුරත් ඇතිවෙද මන්දා
අනේ අය්යෙ ඔය වැඩ හොඳ නැති හින්දා
මම නම් යනවා ලැජ්ජා බය ඇති හින්දා....

නාලනී නැන්දා ගේ පිළිතුර
ලැජ්ජා බයයි කිවිවත් මොකටද මන්දා
අරකිගෙ නෑම ගැන මෙතරමි වද වෙන්නා
මෙකිත් නාන් නැති එකියක් වග දන්නා
තව කවුරැවත් සිටි දැයි මම නමි දන්නා
..

මම
නාලනි නැන්දේ එපා තරහා අර ගන්න
කවියක් ලීවේ මම කවි රස විඳ ගන්න
කට්ටිය බලන් ඉන්නෙ තව කවි අහගන්න
තව කවි කියමු නැන්දේ මදි නොකියන්න!!!

හැබැයි අය්යෙ මේකෙ නොහොබින දේ ලියලා
ඉන්න එපා ලැජ්ජා බය අමතක කරලා
හැමදෙන එන්නේ රස විඳ ගන්නනෙ සොයලා
පොඩි අය නරක් වෙයි ඔය කවි පද දැකලා!

ආයුබෝවන්!!!!


ආයුබෝවන්!!!!

හිත කියන දේ මේ ලෝකෙටමත් වඩා ලොකුයි කියලයි මට හිතෙන්නෙ.....හිනාව, ආදරය, දුක, වේදනාව, තරහව, හැමදෙයක් ම මවන්නෙ හිතයි.....හිත ගිය තැන මාළිගාව කියලත් කියනවනෙ! ඉතින්, මේ බ්ලොග් අඩවිය ඔබටයි, ඔබේ හිතටයි.....හැඟෙන දේ ලියන්න......අපිත් එක්ක බෙදාගන්න........ඔයාලටත් සතුටු හිතේවි!

මේ පුංචි සිතුවම, මට නිකන් ඔහේ ඉඳිද්දි ඇඳුනෙ.....අනේ මන්දා ලස්සනද කියල.....